කොළඹ ජාතික රෝහලේ හදිසි මරණ පරීක්ෂණ උසාවිය මගින් පසුගිය මාස තුන ඇතුළත සිදු කළ මරණ පරීක්ෂණ 1500 අතුරින් වයස 50 ට අඩු පුද්ගලයන් සිය දෙනෙකු හෘදයාබාධ හා දියවැඩියාව හේතුවෙන් මරණයට පත්ව ඇති බව කොළඹ හදිසි මරණ පරීක්ෂක නීතීඥ ඉරේශා සමරවීර මහත්මිය පැවසුවාය.

එමෙන්ම අවුරුදු 50 -60 ත් අතර මරණ දෙසීයක් ද හෘදයාබාධ හා දියවැඩියාව හේතුවෙන් සිදුව ඇති බවත් ඇය කීවාය.

අදාළ කාල සීමාව තුළ සිදු වූ හදිසි මරණ අතරින් තුනෙන් එකක් ම හෘදයාබාධ හේතුවෙන් සිදුවූ මරණ වන අතර හෘදයාබාධ හේතුවෙන් තරුණ තරුණියන් මිය යෑමේ ප්‍රවණතාව වැඩි වෙමින් පවතින බව ද ඇය පැවසුවාය.

මියගිය අයගේ පවුලේ සාමාජිකයන්ගෙ තොරතුරු වලටවලට අනුව මේ අයගෙන් වැඩි පිරිසක් ක්ෂණික ආහාර රටාවට හුරු වී ඇති බවත් ඇතැම් අය රැකියා සහ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් නිවසින් බැහැර වීම නිසා දීර්ඝ කාලීනව පිටස්තරින් ආහාර ලබා ගැනීමේ රටාවක ට යොමුවී සිටීම ප්‍රධාන හේතුවක් ව ඇතැයි තහවුරු වන බව ද ඇය කීය.

මීට අමතරව සමාජයේ වැඩි පිරිසක් තම සෞඛ්‍ය සම්බන්ධයෙන් නොසලකා හැරීමත් මිය යෑමට තවත් ප්‍රධාන හේතුවක් වී ඇතැයි පෙන්වා දෙන වෛද්‍ය අංශ නිරන්තරයෙන් වෛද්‍ය උපදෙස් ගෙන අදාළ පරීක්ෂණ සිදුකර අවදානම් තත්ත්වයට පිළියම් යොදා නොගත හොත් හෘදයාබාධ හේතුවෙන් තරුණ තරුණියන් අකාලයේ මිය යාමේ ශීඝ්‍රතාවය වැඩි විය හැකි බවද අවධාරණය කළාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *