විශේෂඥ වෛද්‍යවරුන් පුහුණු කිරීමට බදවා ගන්නා ප්‍රමාණය වැඩි කිරීම සඳහා සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල උපදෙස් දුන් බව වැඩබලන නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය ජී. විජේසූරිය පැවසීය.
විදේශ පුහුණුව සදහා ගොස් ඇති වෛද්‍යවරුන්ගේ පැමිණීමත් සමඟ විශේෂඥ වෛද්‍ය ගැටළුවට පිළියමක් ලැබෙන බවත් ඔවුන් තව වසරකින් පමණ පැමිණීමට නියමිත බවත් හෙතෙම කීය.
සාමාන්‍යයෙන් විශේෂඥ වෛද්‍යවරුන් පුහුණු කිරීම සඳහා වසර 5 ක පමණ කාලයක් ගත වන බවත් වසර පහක දී පමණ මෙම ප්රශ්නය අනිවාර්යෙන්ම විසදිය හැකි බවත් ඔහු සඳහන් කළේය.
බඳවා ගැනීමේ ප්‍රමාණය ඉහළ දමන්නට කටයුතු කර තිබීම හේතුවෙන් විශේෂඥ වෛද්‍යවරුන් වැඩි සංඛ්‍යාවක් බදවා ගැනීමට හැකියාවක් මේ වන විට තිබෙන බවද ඔහු පැවසීය.
ඉදිරියේදී විශේෂඥ වෛද්‍යවරුන් විශාල සංඛ්‍යාවක් ලංකාවට පැමිණීමට නියමිත බවත් ඔවුන් පැමිණීමත් සමග මේ ගැටලුකාරී තත්වයට විසදුමක් ලැබෙන බවත් ඔහු සඳහන් කළේය.
විදේශ පුහුණුව ලැබීමට වෛද්‍යවරුන් 600 පමණ පිරිසක් විදේශගත වී ඇති බවත් මේ සියලු දෙනාගෙන්ම අවම සියයට පනහක් පැමිණියත් මේ ගැටලුව යම් විසඳුමක් ලැබෙන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.