ජපන් ගුවන් යානයකින් ගමන් කරන්නේනම් මින් ඉදිරියට නිවසින් ඇඳුම් ගෙන නොයා යුතු බව වාර්තා වේ. විදෙස්ගත වන විට වැඩි දෙනෙක් අලුතෙන් ඇදුම් ගැනීමට විශාල මුදලක් වැය කරන අතර ගමන් බෑගයේ ද වැඩි ඉඩක් වෙන් වන්නේ ඇදුම් වලට ය. එපමණක් නොව මගියාගේ ගමන් බෑග් එකේ බර වැඩි වන විට පරිසරයට ගුවන් යානයෙන් නිකුත් වන කාබන් ප්‍රමාණය ද වැඩිවෙයි.

මේ සියල්ල සලකා බලා ජපන් ගුවන් සේවාව මගීන්ට ඇදුම් ලබා දීමට තීරණය කර ඇත.

මේ අදහස ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණේ මීට වසර දෙකකට පෙර වුවද කොහෙත් වසංගතය ඊට බාධාවක් විය.

ගුවන් මගීන්ට ආහාර සැපයීම සාමාන්‍යයෙන් කෙරුණද ඇඳුම් ඇදුම් ලබා දීමක් ගැන මීට පෙර වාර්තා වී නැත. ලබා දෙන ඇඳුම් නැවත ගන්නා අතර ඒ සඳහා ඇමෙරිකානු ඩොලර් 34-48 අතරේ ගණනක් වැය කිරීමට සිදුවෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *