පාර්ලිමේන්තුවේ වාචික පිළිතුරු අපේක්ෂා කරන්න ප්‍රශ්න සදහා වෙන් කර තිබේ ක කාලය නිශ්චිත බව කතානායක මහින්ද යාපා අබේවර්ධන පෙරදා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.

වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඉදිරිපත් කරන ලද ප්‍රශ්න සදහා ස්ථාවර නියෝගවල විධිවිධාන අනුව වෙන්කර ඇති පැයක කාල සීමාව ඉක්මවා සෑම දිනකම දිගින් දිගටම කාලය ගතවීම හේතුවෙන් ප්‍රධාන වැඩ කටයුතුවලට කිසිදු බාධා සහ එමගින් විවාද කාල සීමාව අඩු වීම සම්බන්ධව දිනයන් දෙකක දී පවත්වනු ලැබූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීම් වලදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනු ලැබූ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන නිවේදනය කළේය.

ඒ අනුව මින් ඉදිරියට වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන්කර ඇති පැයක කාලසීමාව නිශ්චිතව පූර්වභාග 10:30 ට අවසන් කිරීමටත් ඒ වන විට ඇසීමට අවස්ථාව නොලද ප්‍රශ්න ඉතිරි වුවහොත් ඒවා ඊළඟට ලයිස්තුගත කළ හැකි ආසන්නතම දිනයේදී ඇසීමට හැකි වන ලෙස නැවත න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීමටත් තීරණය කරනු ලැබූ බවද කතානායකවරයා දැනුම් දුන්නේය.

තවද ප්‍රශ්න සදහා වෙන්කර ඇති කාලසීමාව තුළදී විශේෂිත කරුණක් මතු කිරීමට යම් මන්ත්‍රීවරයකු අදහස් කරන්නේ නම් ස්ථාවර නියෝග අනුව කටයුතු කරන ලෙසත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පරිදි තම පුහුණු අවසරය ලබා ගන්නා ලෙසත් කතානායකවරයා වැඩිදුරටත් දැනුම් දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *