ගලෙන්බිඳුනුවැව හුරුළුවැව යටතේ මෙවර යල කන්නයේ වගා කල සෝයා බෝචි ගොවීන්ගේ අස්වැන්න ට රුපියල් 325 ක මුදලක් ලබා දෙන ලෙස බලකරමින් හුරුළු වැව එකාබද්ධ ගොවීන්ගේ සංගමය ඊයේ උදෑසන ගලෙන්බිඳුනුවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට සත්‍යග්‍රහයක නිරත විය.

නිසි මිලක් නොමැති වීමෙන් ගොවීන්ගේ දැඩි අපහසුතාවයට පත්ව ඇතැයි පවසමින් අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්වරයාට ගොවීන්ගේ අස්සන් 425කින් යුත් පෙත්සමක් භාර දීම ද මෙහිදී සිදු විය.

සොයා බොංචි කිලෝවක් සදහා රුපියල් 213 ක නිෂ්පාදන වියදමක් දරන්නට සිදු වූ නමුත් අස්වැන්න මිලදී ගැනීමට ඉදිරිපත් වූ සමාගම් කූට ආකාරයෙන් එම මිලදී ගන්නා වටිනාකම රුපියල් 220-230ත් අතර මිලකට පහත දමා ඇතැයි සත්‍යග්‍රහයට එක් වූ හුරුළුවැව ඒකාබද්ධ ගොවීන්ගේ සංගමයේ සභාපති වරයා පැවසුවේය.

මෙහිදී අනුරාධපුර වාරිමාර්ග ව්‍යාපෘති සභාපති සහ ඒකාබද්ධ ගොවි සංවිධානය ලේකම් උපාලි ඒකනායක මහතා මේකට හේතුව ශ්‍රී ලංකාවේ තිබෙන ධාන්‍ය සහ ආහාර තිබෙන ප්‍රමාණය ගණනය කිරීම සහ ආහාර ගෙන්වන ආහාර ප්‍රතිපත්ති කමිටුවේ දී අනුරාධපුර දිස්ත්‍රික්කය සෝයා බෝංචි වගා කර ඇති බව සාකච්ඡා නොවීම යයි චෝදනා කළේය. මේ නිසා ගොවි සංගමය විසින් අමාත්‍යවරයා සහ අදාල නිලධාරීන් දැනුවත් කරන ලෙස ඉල්ලමින් එම පෙත්සම භාර දුන් බව ද පැවසුවේ ය. ඉතාම පෝෂදායී ආහාරයක් ලෙස සැලකෙන සෝයා බෝංචි හුරුළු වැව යටතේ අක්කර 3,280ක් මෙවර යල කන්නයේ වගා කළේ අණ පනත් අනුව නිලධාරීන් හමුවේ කන්න රැස්වීම් පවත්වා නීත්‍යානුකූල ආකාරයෙන් එය ඔහු වැඩිදුරටත් පැවසුවේය.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ සෝයාබෝංචි ගොවීන් 8,000ක් පමණක් අක්කර 17,000ක මෙවර කන්නේ සෝයා බෝංඒ වගා කරන අස්වැන්න ලබා ගනිමින් සිටින නිසා ඒවා සති දෙකකට වඩා වැඩි කාලයක් ගබඩා කර තබා ගැනීම අපහසු බවත් සිය අස්වැන්න සාධාරණව මිලදී ගැනීමකට ඉක්මනින් කටයුතු කරන ලෙස සංගමය වෙනුවෙන් ලේකම්වරයා බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *