පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ වාර්තා පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ විශේෂ හමුවක් ඊයේ පාර්ලිමේන්තු කමිටු කාමර අංක 1 දී පැවැත්විණි.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම හමුව පැවැත්වුණු අතර මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක, පොලිස්පති සී ඩී වික්‍රමරත්න, අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය නියෝජනය කරමින් උසස් පොලිස් නිලධාරීහු ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

මෙම විශේෂ හමුව සදහා පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් සහභාගි වූ අතර පරීක්ෂණ වාර්තා පිළිබඳ මන්ත්‍රීවරුන් නැගූ ප්‍රශ්නවලට විමර්ශන නිලධාරීන් විසින් පිළිතුරු ලබාදීම සිදුකෙරිණි. පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ වාර්තා පිළිබඳ දැනුවත් කිරීමට කටයුතු කිරීම සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා වෙත සිය ස්තූතිය පළ කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *