සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව පසුගිය සතියේ අත්‍යවශ්‍ය ඖෂධ වර්ග පහලවක් ශුන්‍ය වී ඇති බව වෛද්‍ය සැපයුම් අංශයේ අභ්‍යන්තර ආරංචි මාර්ග මව්බිමට සදහන් කළේය.
වේදනා නාශක ඖෂධ, නිර්වින්දන ඖෂධ, හෘද රෝග සදහා ලබා දෙන ඖෂධ, ස්වසන පද්ධතියේ ආබාධ සඳහා ලබා දෙන ඖෂධ, අධි රුධිර පීඩනයට ලබා දෙන ඖෂධ මෙන්ම පිළිකා නාශක ඖෂධ කිහිපයක තොග මෙලෙස අවසන් වී ඇති බව ද අදාළ නිලධාරියා පැවැසීය.
ඒ අනුව මේ ආකාරයෙන් යම් ඖෂධ තොග ප්‍රමාණයක් වෛද්‍ය සැපයුම් අංශය තුළ නොතිබීම ඉදිරි කාලය සඳහා ද අනතුරුදායක තත්ත්වයක් මතු කරන බවත් මේ වන විටත් බොහොමයක් ඖෂධ ඉදිරි සති දෙකක කාලය සදහා හෝ ප්‍රමාණවත් නොවන බවත් හෙතෙම කීය.
ඖෂධ සැපයීමේ ක්‍රියාවලියට සෘජු ලෙස සම්බන්ධ ඖෂධ අමාත්‍යාංශ නිලධාරීන්, මධ්‍යම ඖෂධ ගබඩාව, ඖෂධ සංස්ථාව, ඖෂධ නිෂ්පාදන සංස්ථාව හා ඖෂධ නියාමන අධිකාරිය යන ආයතනික ව්‍යූහයන් අතර නිසි සම්බන්ධීකරණය සහතික කරන විධිමත් යාන්ත්‍රණයක් අවශ්‍ය බව සෞඛ්‍ය වෘත්තීය සමිති පෙන්වා දුන්න ද මෙතෙක් කිසිදු පියවරක් ගෙන නොමැති බවද ඔහු වැඩිදුරටත් පැවසීය.