පහුගිය කාලයේ බංගලාදේශයෙන් ලබාගත් ණය මෙතරම් කෙටි කාලයකදී ගෙවා නිමකිරීමට ශ්‍රී ලංකාවට හැකි වනු ඇතැයි තමා නොසිතූ බව බංග්ලාදේශ අගමැතිණිය ශෙයික් හසීනා පැවසුවාය.

එම ණය ගෙවා නිම කිරීමෙන් පැහැදිලි වන්නේ ශ්‍රී ලංකාව ක්‍රමිකව උදා කරගෙන ඇති ආර්ථික ප්‍රගතිය බවත්, එය අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යාමෙන් ශ්‍රී ලංකාවට වඩා යහපත් තත්ත්වයක් උදාකර ගත හැකි බවත් අගමැතිනිය සඳහන් කළාය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග නිව්යෝර්ක් නුවරදී පසුගිය දා පැවති නිල හමුවේ ඇය මේ බව ප්‍රකාශ කළාය.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ, පසුගිය අභියෝගාත්මක කාල වකවානුවේදී බංග්ලාදේශය ශ්‍රී ලංකාවට දැක්වූ සහයෝගය පිළිබඳ අගමැතිනි ඇතුළු එරට ජනතාවට කෘතංයතාවය පළ කළේය.

මීට ඉහත දී බංගලාදේශයේ නිල සංචාරයක නිරත වන ලෙස ආරාධනා ලැබුණද නොදැක්විය හැකි හේතූන් මත ඒ සඳහා අවස්ථාව අහිමි වූ බව පැවසූ ජනාධිපතිවරයා මෙම වසර අවසන් වීමට පෙර බංග්ලාදේශය නිල සංචාරයක නිරත වීමට අපේක්ෂා කරන බව කීවේය.

දකුණු ආසියානු කලාපයේ රටවල් දෙකක් ලෙස දෙරට අතර සහයෝගීතාවය පුළුල් කර ගැනීමේ වැදවැදගත්කම මෙහි දී රාජය නායකයෝ දීර්ඝ ලෙස සාකච්ඡා කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *