ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහා කල ඉල්ලීමකට අවසර නොදී වව්නියාව සෝලා පවර් පෞද්ගලික සමාගමේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් එම සමාගමට රුපියල් දසලක්ෂයක වන්දියක් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ලංකා විදුලිබල මණ්ඩලයට ඊයේ නියෝග කළේය.

එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවසර දෙන ලෙසට වව්නියාව සෝලා පවර් පෞද්ගලික සමාගම කළ ඉල්ලීම පැහැර හැරි නිලධාරීන්ට එරෙහිව වහාම නීතිමය පියවර ගෙන ඒ බව ඉතා කඩිනමින් අධිකරණයට දැනුම් දෙන ලෙස ද ගාමිනි අමරසේකර, යසන්ත කෝදාගොඩ, හා ඒ.එම්.ඒ නවාස යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල බලශක්ති අමාත්‍යංශයේ ලේකම්වරයාට නියෝග කළේය.

ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට අවශ්‍ය කළ අවසර ලබා නොදීමෙන් තම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට වව්නියාව සෝලා පවර් පෞද්ගලික සමාගම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබූ පෙත්සමක තීන්දුව ලබා දීමෙන් විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *