යුක්රේනයේ අසල්වැසි රාජ්‍යයක් වන පෝලන්තය ඉදිරියේ දී යුක්රේනයට අවි සැපයීම නතර කිරීමට පියවර ගෙන ඇති බව එරට අගමැති මැටෝස් මොරොවික් සමාජ වෙබ් අඩවි හා දැනුම් දී තිබේ. යුක්‍රේන ධාන්‍ය සැපයීම තාවකාලික තහනම් කර තිබීම දෙරට අතර අර්බුදයක් ඇතිවීමට මුලපුරා ඇත. රුසියාව විසින් යුක්රේන ට එරෙහිව යුද වැදුන දිනයේ සිටම යුක්‍රේනයට ආයුධ සපයමින් ආධාර කළේය. එසේ කළේ රුසියාවෙන් එල්ල විය හැකි තර්ජනය ද නොතකා ය.
පෝලන්තය දැනටමත් සෝවියට් යුගයේ 320 යුද ටැංකි, 14 mig-29 සටන් ගුවන් යානා යවා අවසන් අතර තවත් යැවීමට ඇත්තේ යුධ ආයුධ සුළු ප්‍රමාණයකි.