ජාතික සංහිඳියාවට බාධාවක් සිදුවන අවස්ථාවන්හිදී ඊට ක්ෂණික ප්‍රතිචාර දැක්වීම සදහා ජංගම දුරකථන හරහා ක්‍රියාත්මක වන අනතුරු ඇගවීමේ පද්ධතියක් ක්‍රියාත්මක කිරීමට අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංස්කරණ අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

ජාතික සමගියට බාධාවන ක්‍රියාකාරකම් මුල් අවස්ථාවේදීම හඳුනාගැනීම හා ඊට අවශ්‍ය ක්ෂණික ප්‍රතිචාර දැක්වීම මෙම වැඩපිළිවෙල අරමුණ වී ඇත.

දිවයිනේ සියළුම ග්‍රාම සේවා වසම් ආවරණය වන පරිදි පිහිටුවන ලද ග්‍රාමීය සංහිදියාව කමිටු 14,022 හරහා මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක වන නතර මේ සඳහා 3,50,000කට අධික සාමාජික සාමාජිකාවන් ගෙන් සැදුම්ලත් දත්ත ප්‍රේෂණ ජාලයක් නිර්මාණය කිරීමටද නියමිතය.

සැප්තැම්බර් 22 දිනට යෙදී ඇති ජාත්‍යන්තර සාම දිනයට සමගාමීව මහරගම ජාතික තරුණ සේවා සභා පරිශ්‍රයේදී පැවැත්වෙන උත්සවයකදී මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *