ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස කටයුතු කළ නීතිඥ දයාසිරි ජයසේකර සම්බන්ධයෙන් ඔක්තෝබර් මස 5 වැනි දින දක්වා කිසිදු විනය පියවරක් නොගන්නා ලෙස දන්වමින් කොළඹ දිසා විනිසුරු සදුන් විතාන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේනට, එම පක්ෂය වැඩ බලන්න ලේකම් සරත් ඒකනායක ඇතුළු වගඋත්තරකරුවන්ට ඊයේ වාරණ නියෝගයක් නිකුත් කළේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තමන්ට එරෙහිව ගැනීමට නියමිතය විනය පියවර වළක්වාලන වාරණ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා ඉක්‍රම් මොහොමඩ් හා ජනත් ඒකනායක යන ජනාධිපති නීතිඥවරු මඟින් කොළඹ දිසා අධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව දිසා විනිසුරුවරයා මෙම නියෝගය නිකුත් කළේය.

පෙත්සම්කාර දයාසිරි ජයසේකර මහතා ගොනු කර තිබෙන පෙත්සම සම්බන්ධයෙන් ලබන ඔක්තෝබර් මස 5 වැනි දින අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස දන්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන ට හා එම පක්ෂයේ වත්මන් වැඩබලන ලේකම් සරත් ඒකනායක ඇතුළු වගඋත්තරකරුවන්ට තහනම් දැන්වීම් හා නොතීසි යවන ලෙසද දිසාවිනිසුරුවරයා අධිකරණ රෙජිස්ටාර්වරයාට නියෝග කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *