පලාත් පාලන ඡන්ද විමසුම සදහා බාර දුන් නාමයෝජනා අවලංගු කිරීමට අමාත්‍යාංශයේ උපදේශක සභාවේ ඒකමතික එකගතාවය පළවී ඇත.

පලාත් පාලන චන්ද විමසුම නොපැවැත්වීම හේතුවෙන් ඒ සඳහා නාම යෝජනා භාරදුන් අපේක්ෂකයන් මහත් අපහසුතාවයකට පත්ව ඇති බවත් මෙම අර්බුදකාරී තත්ත්වයට පිළියමක් ලෙස එසේ භාර දුන් නාමයෝජනා අවලංගු කිරීමට කටයුතු කිරීමටත් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යංශයේ උපදේශක කාරක සභාවේ දී ඒකමතික එකගතාවය හිමිවී තිබේ. විෂය භාර ඇමති අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී පැවති රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාවේ දී මෙලෙස එකඟතාව පළ වී ඇත.

ක්ෂේත්‍ර නිලධාරීන්ට තම මැතිවරණ බල ප්‍රදේශය තුළ ඡන්දය ඉල්ලීමට ඇති බාධා සහ එම බාධා ඉවත් කිරීම සදහා අදාළ පනත සංශෝධනය කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ලක්විය. මේ සඳහා නීතිපති උපදෙස් පරිදි සංශෝධනයට ලක් වූ පනතක්, සංශෝධනයට පෙර පැවති ලෙස නැවතත් වෙනස් කිරීමට අවශ්‍ය නම්, ඒ සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර අනුමැතිය සහ ජනමත විචාරණයක් අවශ්‍ය බව පැමිණ සිටි නිලධාරීහු පෙන්වා දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *