එළඹෙන ඔක්තෝබර් මස පස් වැනිදා ඉන්දියාවේ දී ආරම්භ වීමට නියමිතය ඇති එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ජයග්‍රහකයන් සදහා පිරිනැමීමට සැලසුම් කර ඇති ත්‍යග මුදල පසුගියදා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් නිල වශයෙන් නිවේදනය කර තිබේ.

ඒ අනුව මෙවර ලෝක කුසලානය ජය ගන්නා කණ්ඩායමට ඇමරිකානු ඩොලර් මිලියන හතරක් පිරිනැමීමට නියමිතව ඇති බවත්, තරගාවලිය පුරා ඇමරිකන් ඩොලර් මිලියන දහයකට අධික මුදල් ත්‍යාග සංඛ්‍යාවක් පිරිනැමීමට සැලසුම් කර ඇති බවත් අදාළ නිවේදනයේ දක්වා තිබිණි. අනුශූරතාව දිනා ගන්නා කණ්ඩායම සදහා පිරිනැමීමට නියමිත ඇති මුදල් ප්‍රමාණය ඇමරිකන් ඩොලර් මිලියන දෙකකි.

එසේම අවසන් පූර්ව වටයේ පරාජයට පත් වන කණ්ඩායම් දෙක සඳහා ඇමරිකන් ඩොලර් 800,000ක් බැගින් පිරිනැමීමට නියමිතව ඇති අතර මූලික වටේ ජය ගන්නා සෑම කණ්ඩායමකට ම ඇමරිකන් ඩොලර් 40,000ක් පිරිනැමීමට නියමිත ව තිබේ.

එසේම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට අපොහොසත් වන කණ්ඩායම් 6 ට හයට ඇමරිකන් ඩොලර් 100,000ක මුදලක් පිරිනැමෙනු ඇති බවද සදහන්ය.

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය කණ්ඩායම් 10 ක සහභාගීත්වයෙන් එළඹෙන ඔක්තෝබර් මස පස් වැනි දා සිට නොවැම්බර් දහනව වැනි දා දක්වා ඉන්දියාවේ ආරම්භ වීමට නියමිතව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *