රේගුවේ සියලුම ප්‍රසම්පාදන කටයුතු ඉදිරියේදී මාර්ගගත ක්‍රමයට කිරීමට පියවර ගන්නා බව වැඩබලන මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසුවේය.

ඔරුගොඩවත්තේ පිහිටි RCT රේගු පර්යන්තයේ නිරීක්ෂණ චාරිකාවකට පසුගියදා එක්වෙමින් අමාත්‍යවරයා එලෙස පවසා සිටියේය.

ව්‍යාජ මත්පැන් ස්ටිකර් සදහා නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරයා කියයි.

විස්කි බෝතල් 18,765ක ප්‍රමාණයක් නීති විරෝධීව මෙරටට ගෙන්වා ඇති බවද එලෙස ගෙන්වා ඇති විස්කි ප්‍රමාණයේ වටිනාකම තුන් කෝටි හැත්තෑ ලක්ෂයක් පමණ වන බවද ඒ සඳහා රජයට අයවිය යුතු බදු මුදල කෝටි දාහතරක් ඉක්මවා යන බව ද අමාත්‍යවරයා සදහන් කරයි.

එලෙස නීතිවිරෝධීව ගෙන්වන ලද විස්කි බෝතල් අත්අඩංගුවට ගෙන කෝටි 17ක පමණ මුදලක් රටට රැක දීම පිළිබඳව රේගුවට ස්තූතිවන්ත වන බවද අමාත්‍යවරයා කියා සිටියි.

අත්අඩංගුවට ගන්නා ලද එම විස්කි බෝතල් සුරාබදු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි බලපත්‍ර හිමියන්ට ප්‍රසිද්ධ වෙන්දේසියකදී සහනදායි මිලකට ලබා දිය හැකි බව ද ඊලග වෙන්දේසියේ දී අදාළ විස්කි බෝතල් මිලදී ගැනීමට හැකියාව තිබෙන බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

අමිල අබේරත්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *