නිපා වෛරසය මෙරට ඌරන් ආශ්‍රිතව ඇත්ද යන්න සොයා බැලීම සඳහා රෝග ආවේක්ෂණ කටයුතු ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇතැයි සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමාලි කොතලාවල පැවසුවාය.

එම වෛරසය මෙරටට ඇතුල් වීමට ඇති ඉඩකඩ අල්ප බවත් ඇය අවධාරණය කළාය.

විශේෂයෙන් ඌරන්ගෙන් එම වෛරසය ව්‍යාප්ත විය හැකි නිසා ඌරන් සම්බන්ධව අවධානය යොමු කරමින් රෝග ආවේක්ෂණ කටයුතු ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව ද අධ්‍යක්ෂ ජනරාල්වරිය සඳහන් කළාය.

ඉන්දියාවේ කේරලේ ඇතුළු ප්‍රදේශ කිහිපයක හා රටවල් කිහිපයක පැතිර යන නිපා වෛරසය මෙරට සත්ව නිෂ්පාදන කර්මාන්තයට මෙන්ම මහජන සෞඛ්‍යආරක්ෂාව සදහා ගෙන ඇති පියවර සම්බන්ධව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ඉකුත්දා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් කරුණු විමසූ අවස්ථාවේදී අධ්‍යක්ෂක ජනරාල්වරිය මේ බව පවසා ඇත.

සවනි ශේශාදි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *