රටපුරා පිහිටි සුපිරි වෙළෙඳසල් බොහෝමයකම මේවිට පාරිභෝගික ආරක්ෂණ වැඩපිළිවෙළ හා පුහුණු වැඩසටහන ආරම්භ කර ඇති බවත් වෙළද සැල් වල සේවය කරන සේවක පිරිසට අදාළ නව නීතිරීති මාලාවක් ද හඳුන්වා දීමට සූදානම් වන බවත් මවුබිමට වාර්තා වේ.

ඒ අනුව සේවකයන් හා ආයතන ප්‍රධානීන් සඳහා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ හා පුහුණු මධ්‍යස්ථාන තුළ එම පුහුණුවීම ලබන සතියේ සිට ආරම්භ කිරීමට නියමිත අතර ආයතන පරිශ්‍රය තුළ පාරිභෝගිකයාට ගරු කිරීමට හා ඔවුන්ට අවශ්‍ය සේවාව සැපයීමට මෙහිදී විශේෂ පුහුණුවක් දීමට සූදානම් කර ඇත.

බොරැල්ලෙ සුපිරි වෙළඳසැලක දී පසුගිය සිකුරාදා තරුණියකට අමානුෂික පහර දීමේ සිද්ධියෙන් පසු සියලුම සුපිරි වෙළඳසැල් මෙම තීරණය ගෙන තිබේ.

එම සිද්ධියෙන් පසුව තම සමාගමට අයත් නිල ඇදුම සහිතව ආයතනය තුළ හෝ වෙනස් ස්ථානයක ගැටළු කාරී ලෙස හැසිරෙන ඕනෑම සේවකයෙකුට විරුද්ධව නීතිමය පියවර ගැනීමට සුපිරි වෙළඳසැල් බොහෝමයක් තීරණය කරනු ඇත.

මෙම විශේෂ පුහුණුව සේවයේ නියුතු සියලුම නිලධාරීන්ට හා සේවකයන්ට ලබාදීමට තීරණය කර ඇති අතර පනවකයන්ට ද මෙම විශේෂ පුහුණුව දීමට සුපිරි වෙලද සැල හිමි සමාගම් බොහොමයක් තීරණය කර ඇත.

මිතුන් ජයවර්ධන

Leave a Reply

Your email address will not be published. Required fields are marked *