විශ්ව විද්‍යාල වල පවතින ගැටළුවලට විසඳුම් ලබා ලබාදෙන ලෙස ඉල්ලමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ කොළඹ වෝඩ් පෙදෙසේ පිහිටි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට විරෝධතාවයක නිරත විය. පහළොස් දහසක් පමණ විය යුතු ආචාර්ය වරුන්ගේ සංඛ්‍යාව මේ වන විට වනවිට 6500 ක් දක්වා අඩුවී තිබෙන බවත් එසේ තිබියදීත් මෙරට සිසුන් හතළිස් පන්දහසක් විශ්වවිද්‍යාල වලට ඇතුලත් කිරීමට ප්‍රතිපාදන කොමිෂන් සභාව කටයුතු කරමින් සිටින බවත් ඔවුහු පැවසූහ.