ටෙලිකොම්, රක්ෂණ, ලිට්‍රෝ ගෑස් සමාගම් ඇතුළු රාජ්‍ය ආයතන විකිණීමට හෝ බැහැර කිරීමට අමාත්‍ය මණ්ඩලයේ ගෙන තිබෙන තීරණය තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දු කොට එම ක්‍රියා වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා වෛද්‍ය ගුණදාස අමරසේකර ඇතුළු පිරිස ගොනු කර ඇති පෙත්සම සංශෝධනය කොට එහි වගඋත්තරකරුවන් ලෙස ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා නම් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ පෙත්සම්කාර පාර්ශවය ට අවසර ලබා දුන්නේය. අදාළ පෙත්සම ඊයේ මුර්දු ප්‍රනාන්දු, ජනක් ද සිල්වා සහ ප්‍රියන්ත ප්‍රනාන්දු ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබිණි.

එම අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කණිෂ්ක විතාරණ අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙහි වගඋත්තරකරුවෙකු ලෙස ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා නම් කිරීමට අදහස් කරන බවත් ඒ අනුව අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම සංශෝධනය කිරීමට අවසර ලබාදෙන ලෙස ත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීමට අවසර ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සම සලකා බැලීම සඳහා ලබන වසරේ ජනවාරි මස 31 වැනිදා කැඳවන ලෙස නියෝග කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *