ආයතනික විභාග පැවැත්වීම වෙනුවෙන් ආයතන නවයක් විභාග දෙපාර්තමේන්තුවෙන් රුපියල් කෝටි හතරකට ආසන්න මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

මෙම මුදල් එම ආයතනවලින් අයකර ගැනීමේ නිශ්චිත ක්‍රමවේදයක් සදහා උපදෙස් දෙන ලෙස විභාග දෙපාර්තමේන්තුව මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලීම් කර ඇතත් මෙතෙක් ඊට ප්‍රතිචාර ලැබී නැතැයි එම වාර්තාවේ දැක්වේ.

ඒ අනුව මේ සම්බන්ධයෙන් ලිඛිතව උපදෙස් ගන්නා ලෙස විගණන කාර්යාලය විභාග දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන්ට නිර්දේශ කර ඇත.

ආයතන විභාග පවත්වා ගාස්තු අය කළ යුතු බව ප්‍රකාශ කර තිබුණද සම්පූර්ණ මුදලම හෝ අත්තිකාරම් හෝ නොගෙන විභාග නවයේ ප්‍රතිඵල නිකුත් කර තිබූ බවද විගණන වාර්තාවේ දැක්වේ.

2021 වර්ෂයේ පැවැත් වූ විබාග හයක ද 2022 වර්ෂයේ දෙසැම්බර් දක්වා පැවැත් වූ විපාක 4ක් අද ප්‍රතිඵල මෙසේ අත්තිකාරම් මුදලක් හෝ නොගෙන නිකුත් කර තිබූ බව එම වාර්තාවේ සඳහන් වේ.

සියලු රාජ්‍ය ආයතන සදහා සමාන ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතු බවත් ප්‍රතිඵල නිකුත් කිරීමට පෙර මුදල් ලබාගැනීමේ අභ්‍යන්තර පාලන ක්‍රමවේදයක් සකස් කළ යුතු බවත් විගණන නිලධාරීන් නිර්දේශ කර ඇත.

විභාග දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඊට එකඟ වී ඇතැයි වාර්තාවේ සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *