මතභේදාත්මක දකුණු චීන මුහුදේ පාවෙන බාධකයක් ඉදි කිරීමට චීනය කටයුතු කර ඇතැයි පිලිපීනය චෝදනා නගයි.

මෙම පාවෙන බාධකය ඉදි කර ඇත්තේ පිලිපීන ධීවර යාත්‍රා එම මුහුදු සීමාවට ඇතුල් වීම වැළැක්වීමට යැයිද පිලිපීන රජය වැඩිදුරටත් පෙන්වා දී ඇත. බාධක ඉදිකර ඇත්තේ චීන වෙරළ ආරක්ෂක නිලධාරීන් ය.

මෙම පාවෙන බාධකය මුල් කොට ගනිමින් චීනයත් පිලිපීනය අතර පවතින අර්බුදකාරී තත්ත්වය තවත් උත්සන්න වනු ඇතැයි විදේශ දේශපාලන විශ්ලේෂකයෝ අනතුර අගවති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *