‘ බෙන්හු’ නමැති යෝධ ග්‍රහකයන් පස හා දූවිලි සාම්පල රැගෙන විත් ඒවා අඩංගු කැප්සියුලය පෘථිවිය වෙත මුදා හැරීමෙන් පසු ඇමරිකා නාසා ආයතනයේ ‘ ඔසයිරස් රෙක්ස් ‘ රොබෝ ගවේෂණ යානය අලුත් මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

ග්‍රහකයේ පස් සහ දූවිලි සාම්පල පෘථිවියට මුදාහැරීමෙන් පසු යානය, ‘ඇපොසිස් ‘ නම් ඇති ග්‍රාහකය නිරීක්ෂණයට යැවූ බව නාසා ආයතනය වැඩිදුරටත් පවසයි.

යානය 2029 වසරේ දී ඇපොසිස් ග්‍රාහකය වෙත ළඟාවනු ඇතැයි නාසා ආයතනය පැහැදිලි කර තිබේ.

නාසා ආයතනයට අයත් රොබෝ යානයක් වසර හතක මෙහෙයුමක් අවසන් කර පස් සහ දූවිලි සහිත කැප්සියුලයක් පෘථිවියට භාර දී තවත් අලුත් මෙහෙයුමක් බලා ගිය පළමු අවස්ථාව වන්නේ මෙයයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *