ඇතැම් මත සමාජගත වීම නිසා ජනතාව ෆයිසර් එන්නත් ලබා ගැනීමට නොපැමිණි අතර ඒවා කල් ඉකුත් වූ බවද එම නිසා විනාශ කළ බවද සෞඛ්‍ය ඇමතිවරයා කීය.

එම එන්නත් වෙනත් රටවල් තුනකට ලබා දීමට සාකච්ඡා කළ තිබූ නමුත් එයද අසාර්ථක වූ බවද ඇමැතිවරයා පැවසීය.

සාමාන්‍යයෙන් සෑම වසරකම කල් ඉකුත් වූ ඖෂධ තොගයක් විනාශ කෙරෙන අතර එය පාලනය කළ නොහැකි තත්ත්වයක් යැයි රඹුක්වැල්ල මහතා කීය.

මහනුවරදී ඉකුත්දා පැවැති පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඇමැතිවරයා එම අදහස් පළ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *