සිනොපෙක් බලශක්ති ලංකා සමාගම අද සවස 6 සිට ඉන්ධන පිරවුම්හල් හි ඉන්ධන මිල සංශෝධනය කර ඇත. පෙට්‍රල් 92 මිල සංශෝධනයක් සිදු කර නැත. එම ලීටරයක මිල රුපියල් 358 කි. පෙට්‍රල් 95 ලීටරයක මිල රුපියල් 6 කින් ඉහළ දමා තිබේ. එහි නව මිල රුපියල් 420 කි. ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 10 කින් ඉහළ දමා ඇත. නව මිල රුපියල් 348 කි. සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 61කින් ඉහළ දමා තිබේ. එහි නව මිල රුපියල් 417 කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *