පසුගිය වර්ෂයට සාපේක්ෂව 2023 වසරේ පළමු කාර්තු දෙකෙහි එච් .අයි. වී ඒඩ්ස් රෝගීන්ගේ වර්ධනයක් ඇති බව ශ්‍රී ලංකා ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන දත්ත මගින් අනාවරණය වෙයි.

2022 වර්ෂයේ පළමු කාර්තුවේ දී එච් අයි වී ඒඩ්ස් රෝගීන් එකසිය පනස් දෙදෙනෙකු සහ තෙවැනි කාර්තුවේ දී රෝගීන් 130 දෙනෙකු ද හඳුනාගෙන තිබිණි. 2023 වර්ෂයේ පළමු කාර්තුවේ දී රෝගීන් එකසිය හැට පස් දෙනෙකු සහ දෙවැනි කාර්තුවේ දී රෝගීන් 181 දෙනෙකු හඳුනාගෙන ඇත. අවුරුදු 15ත් 27 ත් අතර වයසේ පසුවන තරුණයෝ 48 දෙනෙකු සහ තරුණියෝ තරුණියෝ හය දෙනෙක් ද ඒ අතර වෙති.

මේ අතර පසුගිය වර්ෂය හි පළමු කාර්තු දෙකට සාපේක්ෂව මෙම වසරේ මුල් කාර්තු දෙකෙහි ඒඩ්ස් රෝගීන්ගේ මරණ වල ද වැඩි වීමක් දක්නට ලැබේ. පළමු කාර්තුවේ දී රෝගීන් පහළොස් දෙනෙකු හා දෙවැනි කාර්තුවේ දී රෝගීන් දහතුන් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *