කොල්ලුපිටිය තරු පහේ හෝටලයක එකොළොස් වැනි මහලේ බලපත්‍ර නොමැතිව මැණික් වෙන්දේසිය පවත්වාගෙන ගිය චීන ජාතිකයන් පස්දෙනෙකු රුපියල් කෝටි ගණනක මැණික් තොගයක් ද සමග අත්අඩංගුවට ගෙන ඇත.

කොල්ලුපිටිය පොලිසිය හා ස්වර්ණාභරණ අධිකාරිය එක්ව මෙම වැටලීම කරන විටත් චීන ජාතිකයන් දෙපිලකට බෙදී මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය හා අලෙවි කිරීමේ නිරතව සිට තිබේ.

මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය හා අලෙවිය සදහා මෙම හෝටලයේ 11 වැනි මහලේ දේශන ශාලාව කුලී පදනම මත ලබාගෙන ඇතැයි එහි දී අනාවරණය වී ඇත.

මෙම ප්‍රදර්ශනය සදහා වෙළඳ බලපත්‍රයක් ඉදිරිපත් කිරීමට කිසිදු පාර්ශ්වයකට නොහැකි වී තිබේ. ඒ හේතුවෙන් එහි තිබූ රුපියල් කෝටි ගණනක මැණික් මුද්‍රා කර ස්වර්ණාභරණ අධිකාරිය භාරයට ගෙන ඇත.

මෙහිදී මැණික් වෙළදාමට එක්ව සිටි චීන ජාතික කාන්තාවක් ඇතුළු පස්දෙනකු වීසා බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය වන අයුරින් බැඳී සිටින බව වීසා බලපත්‍ර පරික්ෂාවේදී අනාවරණය වී ඇත.

මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ක්‍රිස්ටෝපර් ජයමාන්න යටතේ වූ වැටලීමට තක්සේරු රත්න විද්‍යා දිල්කි රණතුංග, තක්සේරු රත්න විද්‍යා සහකාර එස් එල් ගමගේ යන නිලධාරීන් එක්වී මැණික් ලේඛනගත කර මුද්‍රා තබා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *