කලවාන ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක ශිෂ්‍යයකු කසිප්පු ගෙනැවිත් ඒවා පාසල් ශිෂ්‍යයන්ට අලෙවි කර ඇතැයි කලවාන පොලිසිය කියයි.

මෙම ශිෂ්‍යා නව වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන 14 හැවිරිදි ශිෂ්‍යයකු වන අතර ඔහු සිය වතුර බෝතලයට කසිප්පු තමා ගෙන පාසලට ගෙනැවිත් ඇතැයි තොරතුරු අනාවරණය වේ. එලෙස ගෙනා කසිප්පු කෝප්ප වලට දමා පාසලේ ජ්‍යෙෂ්ඨ සිසුන්ට විකුනා ඇතැයි කියයි. එම පාසලේ ගුරුවරයකු මේ බව දැක කලවාන පොලිසියට දැනුම් දී තිබේ.

බාලවයස්කාර සිසුවා ගේ මවුපියන් පොලිසියට ගෙන්වා තදින් අවවාද කර මුදා හැර තිබිණි. පොලිසිය කළ විමර්ශනයකදී අනාවරණය වී ඇත්තේ පාසල් ශිෂ්‍යයාගේ පියා මීට පෙර කසිප්පු සමග පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බවත් ඔහු සතුව තිබූ කසිප්පු මෙම දරුවා පාසලට ගෙනැවිත් ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *