කොළඹ දිස්ත්‍රික්කයේ මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් සදහා ප්‍රාදේශීය සෞඛ්‍ය අංශ පවත්වන සායනවලට මව්වරුන් දරුවන් රැගෙන නොඑන තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය චන්දන ගජනායක කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී රැස්වීමේදී ඊයේ පැවසීය.
දරා ගත නොහැකි ලෙස පොදු ප්‍රවාහනය වියදම ඉහළ යාම මේ තත්ත්වයට හේතු වී ඇතැයි ද ඊට පිළියමක් වශයෙන් සායන වලට නොවන මව්වරුන්ට බස් ගාස්තුවක් හෝ යම්කිසි මූල්‍යමය ආධාරයක් ලබා දීමට රතු කුරුස සංවිධානය ඉදිරිපත් වී ඇතැයි ද ඔහු කීය.
ඒ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.
ළමා මන්දපෝෂණය අවම කර ගැනීම සඳහා වැඩසටහන් හැත්තෑ හයක් මේ වන විට කොළඹ දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කළා. ඒ අතර ලෝක රතුකුරුස සංවිධානය සමඟ ඒකාබද්ධව පෝෂදායි ආහාර සාදන ආකාරය පිළිබඳව මව්වරුන්ට පුහුණුවක් ලබාදීම, සායනවලට සහභාගි කරන මන්දපෝෂිත ළමයින්ට බිත්තර ලබා දීමේ වැඩසටහනක් ආදී වශයෙන් ක්‍රියාත්මක කළා. ඒත් අපි දැකපු දෙයක් වන්නේ බස් ගාස්තුව වැඩි කියලා මන්දපෝෂණය අවම කිරීමේ වැඩසටහන් වලට මව්වරුන් දරුවන් රැගෙන එන්නේ නැහැ” මේ මස තුළදී කළුබෝවිල, රිජ්වේ ආර්යා ළමා රෝහල, අවිස්සාවේල්ල සහ හෝමාගම යන රෝහල්වලදී කොළඹ m.o.h. සායන දහ අටත් මේ වැඩසටහන යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිත බව අධ්යක්ෂවරයා පැවසීය.