මෙරට තුළ යෝජිත රාජ්‍ය ණය කළමනාකරණ ආයතනය ස්ථාපිත කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුව තාක්ෂණික සහාය ද ලබා දී තිබෙන බව ද මුදල් අමාත්‍යාංශය සඳහන් කළේය.

ඒ 2022 අතුරු අයවඑය 2022 අතුරු අයවැය මගින් ආයතනික ප්‍රතිසංස්කරණයක් ලෙස එවැනි ආයතනයක් ස්ථාපිත කිරීමේ වැදගත්කම අවධාරණයද කර ඇත.

ණය කළමනාකරණය ඉහළ නැංවීම සහ පාරදෘශ්‍ය භාවය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විස්තීරණ ණය පහසුකම යටතේ ද ප්‍රමුඛස්ථානය ක්ෂේත්‍රයක් ලෙස හඳුනාගෙන ඇති බවද මුදල් අමාත්‍යංශය සඳහන් කළේය.

අදාළ පාර්ශවකරුවන් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව ණය කළමනාකරණ ප්‍රතිසංස්කරණ සැලසුම, ණය කළමනාකරණ ආයතනික රාමුව සහ නීතිමය රාමුව මේ වන විට සැලසුම් කර තිබෙන බවද ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

ඒ අනුව රාජ්‍ය ණය කළමනාකරණ පනත් කෙටුම්පත සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදක ට උපදෙස් දීම සදහා වැඩබලන මුදල් හා ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *