2024 සදහා වන විසර්ජන පනත් කෙටුම්පත ඔක්තෝබර් දෙවැනි සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව සහ අයවැය දෙවැනිවර කියවීම නොවැම්බර් මස 13 වැනි දින ජනාධිපති සහ මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදුකිරීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මුදල් අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී පැවසීය.
අයවැය දෙවැනිවර වර කියවීමේ විවාදය නොවැම්බර් 14 වැනිදා සිට 21 දක්වා පැවැත්වෙන බව ද එදින පස්වරුවේ දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත බවද අමාත්‍යවරයා කීය.
කාරක සභා අවස්ථාවේ විවාදය දෙසැම්බර් මස 13 දක්වා පැවැත්වෙන බව හා තුන්වැනි වර ඡන්ද විමසීමේ දින සිදුකරන බවද අමාත්‍යවරයා සඳහන් කරයි.
ඡන්දය සම්මත කර ගැනීමෙන් පසු ඒ සඳහා කතානායක අනුමැතිය ලබා ගැනීමෙන් අනතුරුව එය නීතියක් බවට පත් කිරීමට නියමිත බවද දෙසැම්බර් 31 වැනි දායින් පසු රජයේ වියදම් සඳහා මුදල් වෙන් කිරීම නව අයවැය මගින් සිදුකරන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
සෞඛ්‍ය, අධ්‍යාපනය සහ සුබසාධන වියදම් කෙරේ රජයේ වැඩි අවධානය යොමුව ඇති බවද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළ අතර සුබසාධන වියදම් ඉහළ දැමීමට නියමිත බවද තවදුරටත් සඳහන් කළේය.