රුපියල් දොලොස් කෝටි තිස් ලක්ෂයක් වටිනා ස්වර්ණාභරණ සහ රන් බිස්කට් තොගයක් ඩුබායි සිට නීති විරෝධී ලෙස රැගෙන ආ කාන්තාවන් සිව් දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු ඊයේ අළුයම කටුනායක ගුවන්තොටුපළ පැමිණීමේ පර්යන්තය දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.

මොවුන් ඩුබායි සිට ගුවන් යානා දෙකකින් කටුනායක ගුවන්තොටුපල වෙත පැමිණ තිබිණි.

මොවුන් සියලු දෙනාම කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් නිතර නිතර ගුවන් ගමන් වල යෙදෙමින් ව්‍යාපාර කටයුතුවල නිරත වන්නන් පිරිසකි. ඔවුන් සිය සිරුරු වල හා ඔවුන් රැගෙන ආ අත්බෑග තුළ මෙම කිලෝග්‍රෑම් හයක් බර ඇති ස්වර්ණාභරණ සහ රන් බිස්කට් තොගය සගවා ගෙන තිබියදී රේගු නිලධාරීන් විසින් සොයාගෙන අත්අඩංගුවට ගෙන ලැබ තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *