සෞදි අරාබියේ දී මෙරට ගෘහ සේවිකාවකට කොන්ක්‍රීට් ඇණ පහක් සහ යකඩ ස්ප්‍රින් කැබැල්ලක් බලහත්කාරයෙන් ගිල්වීමෙන් සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේය.
ඒ අනුව මෙම සිදුවීම පිළිබඳව සොයා බැලීමට සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් කණ්ඩායමක් අදාළ කාන්තාව ඇඳ සිටි ප්‍රදේශයට යවා ඇතැයි එම කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සෙනරත් යාපා පැවසීය. එම නිලධාරීන් අගතියට පත්ව ඇති කාන්තාව සේවය කළ ස්ථානයේ සියලුම පුද්ගලයන්ගෙන් කටඋත්තර ලබාගෙන විධිමත් පරීක්ෂණයක් කර එහි තොරතුරු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ලබාදීමට නියමිත බවද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. එම පරීක්ෂණයේ තොරතුරු මත ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව පැවසූ හෙතෙම ඒ අනුව කාන්තාවක් මෙරටින් පිටත් කළ නියෝජිත ආයතනයට හා සෞදියේ නියෝජිත ආයතනය සම්බන්ධයෙන් කාර්යාංශය පියවර ගැනීමට තීරණය කර ඇතැයි ප්‍රකාශ කළේය.