225ම එකට එකතු වුවහොත් මත්පැන් හා මත්ද්‍රව්‍ය වලින් තොර රටක් ගොඩනැගීමට හැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඊයේ මන්ත්‍ර විය පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව රැස්වූ අවස්ථාවේ පැවසීය.

පාර්ලිමේන්තුවේ 225දෙනාම එකඟ වන්නේ නම් රටක් ලෙස පරමාදර්ශි ව මත්පැන්, දුම්කොළ දුම්වැටි භාවිතයෙන් රට මුදා ගත හැකි බව විපක්ෂනායකවරයා සදහන් කළේය. මහා පරිමාණ දුම්කොළ හා දුම්වැටි ව්‍යාපාරිකයන් මෙම දුම්කොළ මද්‍යසාර සම්බන්ධ බදු සකස් කරන නිලධාරීන් අල්ලාගෙන සිටින බවත් කවුරුන් බලයට ආවත් මෙය නිසි ලෙස ක්‍රියාත්මක වන ක්‍රමවේදයක් තිබිය යුතු බවත් ඔහු කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *