ඡන්ද කල්දැමූ රනිල්ගේ අවසන් තුරුම්පුව සමාජ මාධ්‍ය වාරණය කිරීම බව ජනතා විමුක්ති පෙරමුණේ නායක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මවුබිමට පැවසීය.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මේ මොහොතේ සිටින්නේ සමාජ මාධ්‍ය සමඟ දැඩි වෛරයකින් බවද හෙතෙම පැවසීය.

එහි වෙනුවට සමාජ මාධ්‍ය වාරණය සදහා ඔහු විසින් පනතක් ගෙන එන බවත් එය කෙසේ හෝ පරාජයට පත් කරන බවත් හෙතෙම සදහන් කළේය. ඔහු මෙසේ ද පැවසීය.

ලංකාවේ ප්‍රබල මාධ්‍ය සමාජ මාධ්‍ය වෙලා. සමාජයේ කැඩපත සමාජ මාධ්‍යයයි. සමාජ මාධ්‍ය හරහා ඕනෑම පුද්ගලයෙකුට අදහස් ඉදිරිපත් කරන්න පුළුවන්. පුවත්පත්,ටිවි, රේඩියෝ වලට එහා ගිය මත ඉදිරිපත් කිරීමේ අවකාශයක් සමාජ මාධ්‍ය තුළ තිබෙනවා. ආණ්ඩුව ඊට බයයි. සමාජ මාධ්‍ය නැමැති චැනල් එක වහන්නයි ආණ්ඩුවට ඕන. ඒ පහල පන්තියේ අයගේ හොඳම මාධ්‍ය චැනලය වූ සමාජ මාධ්‍ය වලින් ජනාධිපති වරයාගේ, මන්ත්‍රීන්ගේ, ඇමතිවරුන්ගේ සියලුම හොරකම් එළියට එන්න පටන් ගැනීමෙන් ආණ්ඩුව තිගැස්සුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *