පවුල් සැලසුම සඳහා ඉකුත් 2022 වර්ෂයේ පුද්ගලයින් 258,235 දෙනෙකු අලුතින් යොමුවී ඇති අතර ඉන් 30,719 දෙනකු වන්ද්‍යකරණ සැත්කම්වලට ලක් කොට තිබූ බව ශ්‍රී ලංකා මහ බැංකුව මෙරට ආර්ථික හා සමාජ සංඛ්‍යා දත්ත සම්බන්ධයෙන් නිකුත් කොට ඇති වාර්තාවක සඳහන් වේ.
2022 වර්ෂයේ මෙරට පුද්ගලයන් 225,492 දෙනකු අලුතෙන් පවුල් සැලසුම් සදහා යොමු වී තිබිණි. එම වසරට සාපේක්ෂව පසුගිය වර්ෂයේදී පුද්ගලයන් 32743 දෙනෙකු පවුල් සදහා අලුතෙන් යොමු වී ඇති බව මෙම සංඛ්‍යා දත්ත පෙන්වා දෙයි. ඉකුත් වසර හය තුළ වැඩිම වඳ කරන සැත්කම් සංඛ්‍යාවක් කොට ඇත්තේ 2022 වර්ෂයේදීය. පවුල් සැලසුම් යටතේ ඉකුත් වර්ෂය තුළ 36,645 දෙනකු ලුප්ස් පැළද තිබූ අතර 50252 දෙනෙකු ගිලින පෙති භාවිතා කොට තිබිණි. එන්නත් කරණය සදහා 86534 දෙනෙකු යොමු කොට තිබූ අතර රෝපණය කළ සංඛ්‍යාව 54,085කි. ආර්ථික ගැටලු සඳහා ඉකුත් වර්ෂයේ දී වැඩි සංඛ්‍යාවක් පවුල් සැලසුම් සදා යොමු වී ඇති බව ද සමාජ විද්‍යාඥයෝ පෙන්වා දෙති.