අද වන විට වයස අවුරුදු 10 11 වයස් වන විට බොහෝ දරුවන් ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කර ගැනීමේ වැඩි නැඹුරුතාවයක් දක්නට ඇතැයි ද එවැනි සම්බන්ධතා පරිගණ අපරාධයන්ට රුකුලක් වන බව ද පෙන්වා දෙති.

කුඩා දැරියන් නොදැනුවත්කමින් සිය ඡායාරූප හෝ වීඩියෝ වෙනත් පාර්ශවයන් අතර පත් කිරීම හේතුවෙන් ඔවුන් නොදැනවත්වම වින්දිතයන් බවට පත්වන අතර සාමාන්‍යයෙන් සතියකට එවැනි පරිගණක අපරාධ දෙකක් හෝ තුනක් වාර්තා වන බව ද පරිගණක අපරාධ විමර්ශනයක ගේ සඳහන් කරයි.

එමෙන්ම අවුරුදු දෙක තුන වයස්වල සිටින කුඩා දරුවන් පවා ගැහැනු පිරිමි භේදයකින් තොරව මෙවැනි අපරාධයන්හි වින්දිතයන් බවට පත්වීමේ අවදානමක් පරිගණක අපරාධ විමර්ශන ඒකකය නිරීක්ෂණය කර තිබේ.

පරිගණක අපරාධ විමර්ශන ඒකකයේ කාන්තා සහකාර පොලිස් අධිකාරී චන්දිමා අරුමපෙරමුණ පවසන්නේ මවුපියන් තම දරුවන් ගැන දැඩි අවධානයක් යොමු කරන පරිගණක අපරාධ වලින් ඔවුන් ආරක්ෂා කර ගන්නා ලෙසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *