ඉදිරි කාලයේ දී රටේ ආර්ථික ක්‍රියාකාරකම් යථාතත්ත්වයට පත් වනු ඇතැයි අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
මේ අනුව ඉදිරි මාස තුන පිළිබඳව ව්‍යාපාර අපේක්ෂා ද යහපත් මට්ටමක පවතිනු ඇතැයි මහ බැංකුව කියයි. ඊට අමතරව සැප්තැම්බර් මාසයේ සිට නව ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ යම් ප්‍රවණතාවයක් දක්නට ලැබෙන බව ද මහ බැංකුව කියයි. ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක මේ බව සඳහන් වේ.
පසුගිය කාලයේ නව ව්‍යාපෘති නොමැතිකම නිසා ඉදිකිරීම් කර්මාන්ත කටයුතු සඳහා දැඩි අහිතකර බලපෑමක් සිදුකර ඇති බවත් නව ඇනවුම් වල අඛණ්ඩ පහත වැටීමෙන් එය පිළිබිඹු වන බවත් එම වාර්තාවේ තවදුරටත් සදහන් වේ.