ලංකා විදුලි පෞද්ගලික සමාගම එහි විදුලි පාරිභෝගිකයන්ට සියයට 2.5ක සමාජ ආරක්ෂණ බද්ද සැප්තැම්බර් මස සිට බිල් පතට එකතු කෙරෙයි.

නමුත් ලංකා විදුලිබල මණ්ඩලයේ පාරිභෝගිකයන් දැනටමත් සමාජ ආරක්ෂණ බද්ද ගෙවා දමන නිසා ඔවුන්ගේ ගාස්තුවේ නව වෙනසක් සිදු නොවේ.

මේ සම්බන්ධයෙන් leco සභාපති අතුල ද සිල්වා මහතා කියා සිටියේ සමාජ ආරක්ෂණ බද්දෙන් සමාගම් නිදහස් කර තිබූ බවයි. නමුත් අදාළ බදු පනත සංශෝධනයක් සමඟ සමාගම්වලට ද එම බද්ද ගෙවීමට සිදුවීම නිසා leco විදුලි පාරිභෝගිකයන්ගේ බිල් පතට එම බද්ද ඇතුළත් කර ඇති බව ඔහු කීවේය. ඒ අනුව ලංකා විදුලිබල මණ්ඩල හා leco යන සියලු පාරිභෝගිකයන්ගේ විදුලි බිල්පත් සමාන අය ක්‍රමයන්ට යටත් වන බව ද ලෙකො සභාපතිවරයා කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *