මෙරට ජනතාව යුක්තිගරුක සහ සදාචාර සම්පන්න කිරීම සඳහා කහ සිවුර, සුදු ලෝගුව ඇතුළු සියලුම ආගමික නායකයන් එකතු විය යුතු යැයි කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල්තුමා පැවසීය.

වර්තමානයේ විවිධ ආගම් අදහන බවට ප්‍රකාශ කළ ද ඒ සියල්ල මුසාවක් බවට පත්වී මෙරට සමාජය පාපිෂ්ට තත්ත්වයට පත්ව ඇතැයිද කාදිනල්තුමා කීවේය.

ඩොලර් ලැබෙනවා නම් රටේ නායකයන්ද ඕනෑම දූෂිත ක්‍රියාවක් සිදු කිරීමට පෙළඹී ඇතැයි ද කී කාදිනල්තුමා එවැනි තත්ත්වයක් තුළ රට හරි මගට ගැනීමට ආගමික නායකයන් එක්විය යුතු බව ද කීවේය.

එතුමා මේ බව කියා සිටියේ ඇබිලිපිටියේ දී පසුගිය දා පැවති උත්සවයක් අමතමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *