සුරාබදු දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ රාජකාරි ක්‍රියාපටිපාටි විමර්ශනය කිරීම සඳහා විශේෂ නිලධාරීන් කණ්ඩායමක් පත් කිරීමට තීරණය කර ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තු කොමසාරිස් ජනරාල් සමන් ජයසිංහ මහතා දිවයිනට පැවසීය. තංගල්ල සුරාබදු නිලධාරීන් කීප දෙනෙකු සිදුකළ කප්පම් ගැනීම සහ පැහැරගෙන යෑමේ සිද්ධීන් වලින් පසු විශේෂ නිලධාරීන් කණ්ඩායමක් පත් කිරීම වැදගත් බවට තීරණය කළේ යැයි ද හෙතෙම කීය.

මෙම සිද්ධිය හැර සෙසු පළාත්වල නිලධාරීන් දෙතුන් දෙනෙකුගේ හෝ අඩුපාඩු තිබිය හැකි බවට සැකයක් පහළ වී ඇතැයිද හෙතෙම කීවේය.

තත්ත්වය මෙසේ තිබියදී සුරාබදු නිලධාරීන් 400ක් පමණ පුරප්පාඩුවක් පවතින බවද එම පුරප්පාඩුව පිරවීමට හැකි වුවහොත් අද හෙටම විශේෂ විමර්ශන කණ්ඩායම පත් කළ හැකි යැයි ද සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා කීවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *