කොළඹ විශ්වවිද්‍යාලය සිය විද්‍යාත්මක පර්යේෂණ ඔස්සේ අනාවරණය කළ සහ වැඩි දියුණු කරන ලද නිෂ්පාදන, වාණිජ නිෂ්පාදන ලෙස වෙළඳපොලට එළිදක්වමින් සාර්ථක ලෙස ආදායම් උපයන තත්ත්වයට පත්ව ඇත.

වර්තමානයේ උගතුන් රට හැර යන බවට විවිධ අදහස් පළ වෙමින් පවතින මොහොතක මෙය සිදු වීම විශේෂත්වයකි. කොළඹ විශ්ව විද්‍යාලයේ රසායන අණුක ජීව විද්‍යා සහ ජෛව තාක්ෂණ ආයතනයේ මහාචාර්ය සමීර ආර් සමරකෝන් මහතා ප්‍රමුඛ පර්යේෂණ කණ්ඩායම සිය පර්යේෂණ ඇසුරින් සිදු කළ විද්‍යාත්මක අනාවරණයන් සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන කිහිපයක් වෙනුවෙන් එම මුදල් හිමිව තිබේ. මේ සඳහා කොළඹ විශ්වවිද්‍යාලය සමඟ ගිවිසුම්ගතව ඇත්තේ ෆැඩ්නා ලයින් සයන්ස් සමාගමයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *