විදේශ රැකියා ප්‍රතිපත්තියක් සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට කාලය පැමිණ ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

විදේශ රැකියා ප්‍රවර්ධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පෙර ජාත්‍යන්තර ශ්‍රම වෙළදපොල සම්බන්ධයෙන් පර්යේෂණයක් සිදු විය යුතු අතර එහිදී වැඩි වේතනයක් ආදායමක් ලැබෙන රැකියා ක්ෂේත්‍ර හදුනාගත යුතු යැයි විපක්ෂ නායකවරයා පැවසීය. ඒ අනුව ඊට අදාළ සුදුසුකම් සහිත ශ්‍රමිකයන් නිර්මාණය කිරීම රජයේ වගකීම බවද විපක්ෂ නායකවරයා පැවසීය. ලෝක ශ්‍රම වෙළෙඳපොළේ අවශ්‍යතා හඳුනාගෙන කටයුතු කළ යුතු අතර එම අවශ්‍යතා අනුව මෙරට ශ්‍රම වෙළදපොළ නිර්මාණය කිරීමේ අවශ්‍යතාවය විපක්ෂ නායකවරයා අවධාරණය කළේය. විදේශ රැකියා ශ්‍රමය පිළිබඳ ශ්‍රී ලංකාවේ විශාලතම පාර්ශව කරුවන් වන්නේ විරැකියාවෙන් පෙළෙන තරුණ ප්‍රජාව බැවින් ජාතික විදේශ රැකියා ප්‍රතිපත්තියක් ඇති කර එම තරුණ පිරිස් විදේශ රැකියා පිළිබඳ දැනුවත් කළ යුතුය විපක්ෂනායකවරයා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *