ජනාධිපති රනිල් වික්‍රමසිංහ, මාලදිවයිනේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ මොහොමඩ් මුයිස් වෙත දුරකථන ඇමතුමක් ලබා දෙමින් සුභ පැතුම් පළ කර ඇත.

මාලදිවයිනේ නව ජනාධිපතිවරයා සමඟ සමීපව කටයුතු කිරීමටත්, දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා බහුවිධ හවුල්කාරිත්වය ලෙසට පරිවර්තනය කර ගැනීමටත් අපේක්ෂා කරන බවද වික්‍රමසිංහ මහතා එහිදී පවසා ඇත.

එසේම ජනාධිපති රනිල් වික්‍රමසිංහ අධ්‍යාපන, සෞඛ්‍ය, ද්විපාර්ෂික වෙළදාම සහ වෙළඳාම සහ ආයෝජන යන ක්ෂේත්‍ර ආවරණය කරමින් දෙරට අතර ආර්ථික සහයෝගිතාව ඉහළ නංවා ගැනීමේ වැදගත්කම පෙන්වා දී තිබේ. නව ජනාධිපති මොහොමඩ් මොයිසුගේ පාලන කාලය තුළ මාලදිවයිනට සමෘද්ධිය උදාවනු ඇතැයි ද වික්‍රමසිංහ මහතා එහිදී සඳහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *