ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ සම්මේලනය එළඹෙන නොවැම්බර් මස පැවැත්වෙන බවත් එහිදී ජනාධිපතිවරණය සඳහා පක්ෂය විසින් ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබෙන අකුරු තුනේ නායකයාගේ නම හෙළි කරනු ඇති බවත් එම පක්ෂයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කෝප් කමිටුවේ සභාපති, මහාචාර්ය රංජිත් බණ්ඩාර පැවසීය.
මේ රටේ සියලු දේශපාලන පක්ෂවල මහජන නියෝජිතයන් කල්පනා කරන්නේ ඊළඟ මහ මැතිවරණයේදී පාර්ලිමේන්තුවට පත් වීම සදහා හොදම අවස්ථාව ලැබෙන්නේ කොතැනද කියා බවත් ඒ අනුව බොහෝ පක්ෂවල අය බැසිල් රාජපක්ෂ හමුවේ රහස් සාකච්ඡා කරන බවත් ඒ මහතා කීය.
මහනුවර ඊයේ මාධ්‍ය හමුවේ අදහස් දක්වන මහාචාර්ය වරයා මේ බව ප්‍රකාශ කළේය.
දේශපාලන හා පරිපාලනය යනු එකක් නොව දෙකක් බවත් දේශපාලඥයන් වෙනස් වුවත් නිලධාරීන් අඛණ්ඩව ආයතනවල කටයුතු කරන බවත් පැවසූ ඒ මහතා අද සිටින බොහෝ නිලධාරීන් එම දේශපාලනඥයාට අනුව ටයි පටියේ පාට මාරු කරන අය බවත් අවධාරණය කළේය.
එකල හිටියේ ස්ථිර ලේකම්වරුන් වුවත් දැන් එවැනි තත්ත්වයක් නොමැති බවත් සියලු ක්ෂේත්‍ර වල පිරිහීමක් ඇති වීමට මෙය ප්‍රධාන හේතුවක් බවත් හෙතෙම අවධාරණය කළේය.