අවසර පත් ලබාපත් ලබාගත් දෙසීයක පමණ පිරිසක් අවාරයේ ශ්‍රී පාද වන්දනා කිරීමට පැමිණි බව නල්ලතන්නිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බී ඒ පී එස් වීරසේකර පවසයි.
අබගමුව හා නොවුඩ් ප්‍රාදේශීය සභා වලින් එසේ අවසර ලබාගෙන අවාරේ ශ්‍රී පාදය වන්දනා කිරීමට හැකියාව පවතින බවත්, ඒ අනුව පවතින වැසි තත්ත්වයන් ද නොතකා මෙම දීර්ඝ සති අන්තය තුළම පිරිස් පැමිණි බව පොලිස් ස්ථානාධිපති වරයා පැවසීය.
දේශීය මෙන්ම විදේශ සංචාරකයන්ට අවාරයේ ශ්‍රී පාද වන්දනාවට එක් ව සිටි බවත්, මෙම සති අන්තයට අමතරව වෙනත් සති අන්ත දිනවල දී ද අවසන ලබාගෙන ආර්ය ශ්‍රී පාදය වන්දනා කිරීමට දේශීය මෙන්ම විදේශීය පිරිස් පැමිණෙන බවත් මෙසේ පැමිණෙන පිරිසගේ ආරක්ෂාව වෙනුවෙන් නල්ලතන්නිය පොලිසිය විසින් ආරක්ෂාව ලබාදීමට පියවර ගෙන ඇති බවද ඒ මහතා වැඩි වැඩිදුරටත් පැවසීය.