ජනවාරි මාසයේ සිදු කිරීමට තිබූ විදුලි ගාස්තු සංශෝධනය මේ ඔක්තෝබර මාසයේ සිටම ක්‍රියාත්මක කරන ලෙසට ඉල්ලීමක් ලංකා විදුලි බල මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත ලිඛිතව යොමු කර තිබේ.

ලංකා විදුලි බල මණ්ඩලය විසින් අමාත්‍ය මණ්ඩල තීරණයකට අනුකූලව මෙම අති විශේෂ ගාස්තු සංශෝධනය මෙලෙස ඉදිරිපත් කොට ඇති අතර මෙය මේ වසරේ තෙවන ගාස්තු සංශෝධනය ලෙස සැලකේ. ඒ අනුව ඉකුත් සමයේ දිවයින පුරා පැවති නියඟ කාලගුණික තත්ත්වය හේතුවෙන් තාප විදුලිය ලබා ගැනීමට වැය වූ නිෂ්පාදන පිරිවැය ආවරණය කරගැනීම ඇතුළු වියදම් ආවරණය සඳහා සියයට 22 ක විදුලි ගාස්තු සංශෝධනයක් හෝ විදුලි ඒකකයක් රුපියල් 8 කින් ඉහළ දැමීම සදහා මෙම අනුමැතිය ඉල්ලා ඇත.

මෙම ඉල්ලීම ලංකා විදුලි බල මණ්ඩලය විසින් ඉකුත් සතියේ මහජන උපයෝගීතා කොමිෂන් සභාවෙන් මෙලෙස ඉල්ලා සිටි බව එම මණ්ඩලයේ උසස් නිලධාරියෙකු මව්බිම කළ විමසුමකදී පැවසීය. මෙම යෝජනාවට අනුව විදුලි බල පනත ප්‍රකාරව මහජන උපයෝගිතා කොමිෂන් සභාව ලබන ඔක්තෝබර් 18 වැනිදා මහජන අදහස් විමසීමට තීරණය කොට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *