ඈවර කිරීමට නියමිත සමුපකාර තොග වෙළඳ සංස්ථාවට අයත් සියලු දේපළ ලංකා සතොස ආයතනයට පැවරීමට එහි පාලනාධිකාරිය ගෙන ඇති තීරණයට සතොස සේවකයන්ගේ විරෝධය පළ වී තිබේ.
සමුපකාර තොග වෙළද සංස්ථාව ට අයත් පන්නෙගමුව, හිගුරක්ගොඩ පිහිටි වී මෝල් 2, නුවරඑළිය නිවාඩු නිකේතනය, ප්‍රධාන කාර්යාල ගොඩනැගිලි ඇතුළු සියලු දේපල ලංකා සතොස ආයතනයේ නිලධාරීන් වෙත භාරදෙන ලෙසට ලිපි මගින් දැනුම් දී ඇත.
ඒ අනුව සතොස දේපළ භාර ගැනීමට ලංකා සතොස ආයතනයේ නිලධාරීන් පත්කර තිබෙන අතර නිර්මාණය වී ඇති සේවක විරෝධය හේතුවෙන් මේ දක්වා ඔවුන්ගේ රාජකාරිය ඉටු කර ගැනීමට නොහැකි වී ඇත.
සතොස ප්‍රධාන කාර්යාලයේ ජෙනරේටර් කාමරය, ප්‍රධාන විදුලි පරිපථ කාමරය, 8 වැනි මහලේ සිට නවවැනි මහල ට ඇතුල් වීමට තිබෙන දොර, පන්නෙගමුව හා හිගුරක්ගොඩ පිහිටි වී මෝල් දෙකෙහි හා නුවරඑළිය නිවාඩු නිකේතනයේ යතුරු භාර දෙන ලෙසට දැනුම් දී ඇතත් සේවකයන් ඊට විරෝධය පළ කර යතුරු දින ප්‍රතික්ෂේප කර තිබේ.
ලංකා සතොස පත්කල නිලධාරින් මෙම ස්ථානවලට ගොස් යතුරු භාර ගැනීමට සූදානම්ව ඇතත් සේවක විරෝධය හේතුවෙන් ඔවුන්ට යළි හැරී යාමට සිදුව ඇත.