කාසල්රී සහ මාවුස්සාකැළේ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් එම ජලාශයන් දෙකෙහි ජල මට්ටම පිටාර මට්ටමට ඉතා ආසන්න වෙමින් පවතින බව ජලාශයන් බාර ඉංජිනේරුවරු පැවසීය.
කාසල්රි ජලාශය ජලාශ වේල්ල උස අඩි 155 ක් වන අතර ඊයේ දින උදෑසන වන විට එම ජලාශයේ ජල මට්ටම අඩි එකසිය හතලිහක් දක්වා ඉහළ ගොස් ඇති බවත් මාවුස්සාකැලේ ජලාශයේ ජලාශ වේල්ල උස අඩි එකසිය විස්සක් වන අතර එම ජලාශයේ ජල මට්ටම අඩි එකසිය අටක් දක්වා ඉහළ ගොස් ඇති බව ජලාශයන් ජලාශය බාර ඉංජිනේරුවරු කියා සිටියහ.