පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ 2019 වසරේ තංගල්ලේ පැවති විවාහ උත්සවය සදහා විදුලි බල මන්ඩලය දුන් විදුලිය වෙනුවෙන් ගෙවීමට තිබූ රුපියල් ලක්ෂ විසි හයකට අධික හිග මුදල රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ඊයේ ගෙවීය.

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා කොළඹ පිහිටි ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රධාන කාර්යාලයේදී හිග මුදල වන රුපියල් 2,682,246.57 ක මුදල ඊයේ ගෙවා දැමීය.

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා එම මුදල ගෙවීමෙන් පසුව මාධ්‍ය හමුවේ පැවසුවේ එම හිගව තිබූ විදුලි බිල සිය පෞද්ගලික මුදලින් ගෙවූ බව යි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *