මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ කොමිෂන් සභා පනත ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක් කිරීමට ලබා දී ඇත්තේ සතියක කාලයක් පමණක් බව මහාචාර්ය ජී එල් පීරිස් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී චෝදනා කළේය.

ඒ සඳහා සති 2 ක කාලයක් අවශ්‍ය නමුත් එය ආණ්ඩුව අවහිර කර ඇති බවද මෙම පනත පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළු කර ඇත්තේ පසුගිය සැප්තැම්බර් 27 වැනිදා බව ද ඒ අනුව එසේ අභියෝග කිරීමට සති දෙකක කාලයක් නො ලැබී ඇති බවද ජී එල් පීරිස් මන්ත්‍රීවරයා කීය.

මෙම පනත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණය යම් කටයුත්තක් සිදු කරනවානම් ඒ සඳහා ඉඩකඩ ඇති බවත් ඒ සඳහා ඊයේ සිට දින දාහතර 14 කාලයක් අවශ්‍ය වන බවත් මෙහිදී නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ ය. එම පනත ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක් කිරීමට අනිවාර්යෙන්ම ඉදිරි දින 14ක කාලයක් අවශ්‍ය යැයිද එය සම්ප්‍රදාය යැයි ද එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී එල් පීරිස් මන්ත්‍රීවරයා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *